Sunday, September 4, 2016
Thursday, September 1, 2016
Friday, August 26, 2016
Tuesday, August 16, 2016
අද අධ්‍යාපනයෙනුත් කරන්නෙ ශිෂ්‍යයින්ගෙ ඔලුව එක රාමුවකට හදන එක. ඒ රාමුව නිසා තමයි විශ්වවිද්‍යාලවලින් පිටවෙන උපාධීධාරීන්ට රැකියා නැත්තෙත්...මොන දේශප්‍රේමියොගැන කතාකරත් මේ රටේ බහුතරයක් ඉන්නෙ දේශපාලකයො නෙවේ. දේශපාලුවෝ.
මෙරට මාධ්‍ය භාවිතය පිළිබදව ඔබතුමා සිතන්නේ කුමක් ද?
අපේ කාලයේ සියලු ම ගුවන්විදුලි, රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍යවලට මාධ්‍ය
ශික්ෂණය , අධ්‍යාපනය සහ සදාචාරය පිටිවහල් වුණා. නමුත් අද ඒ කිසිවක් නෑ. අද අධ්‍යාපනයෙනුත් කරන්නෙ ශිෂ්‍යයින්ගෙ ඔලුව එක
රාමුවකට හදන එක. ඒ රාමුව නිසා තමයි විශ්වවිද්‍යාලවලින් පිටවෙන උපාධීධාරීන්ට රැකියා
නැත්තෙත්. ඒ වගේ ම දැනුම දෙන්න පුලුවන් බහුතරයක් අවශ්‍ය තැන්වල නෑ. දැන් පාසල්වල
ගුරුවරුත් එහෙමනෙ. අද දැනුම බොල්.
ආරම්භක යුගයේ ගුවන්විදුලි මාධ්‍යයයි, නූතන ගුවන්විදුලි මාධ්‍යයයි සංසන්දනය
කළහොත් පරස්පර විරෝධි භාවයක් තිබෙන බව බොහෝ පුද්ගලයින් පවසනවා. මේ පිළිබදව ඔබතුමා
දරන මතය කුමක් ද?
ඉස්සර ගුවන්විදුලි නාලිකාවක් විදියට තිබුණෙ ගුවන්විදුලි සංස්ථාව
පමණයි. එය රාජ්‍ය ආයතනයක් වුණත් පන්දම් ආයනයක් ලෙස පැවතුණේ නෑ. ගුවන්විදුලිය සහ
රූපවාහිනිය කියන්නේ සංස්කෘතික ආයතන. වෙළද බඩු විකුණන්නයි, දේශපාලන උවමනා
එපාකම්වලටයි තමයි දැන් මාධ්‍ය භාවිකා
වෙන්නෙ. ඒ කාලයේ වැඩසටහන්වලට ගත්තේ තම ආයතන දියුණුකරන්න පුලුවන් පුද්ගලයන්ව. නමුත්
වර්තමානයේ එහෙම නෑ.
එතකොට වර්තමාන ගුවන්විදුලි සහ රෑපවාහිනී වැඩසටහන් අතුරින් සෑහීමකට
පත්වියහැකි වැඩසටහන් ඇත්තේ ම නැද්ද?
සමහර හොද වැඩසටහන් කිහිපයක් තිබෙනවා. පුද්ගලයෙක්ට රසාස්වාදයක් දෙනවා
නම්, එය උසස් රසවින්දනයක් නම් එය හොද වැඩසටහනක්. මිනිහෙක්ට පහත් රසවින්දනයක් දෙන්න
හරි ලේසියි. නමුත් උසස් රසවින්දනයක් දෙන්න හරි අපහසුයි.
ජනමාධ්‍ය භාෂාවට අද මොකද වෙලා තියෙන්නේ?
අද 99%කටත් වැඩි පිරිසකට භාෂා දැනුම නිසිපරිදි නෑ. නිවේදකකෙුට හෝ
නිවේදිකාවකට හොද වාග් කෝෂයක් අවශ්‍යයි. වර්තමානයේ බැලුවාම දැනට කතාකරන වචන තිබ්බත්
ඇති විවේදකයෙක් වෙන්න. වර්තමාන මාධ්‍ය ආයතන බොහෝමයක් නිවේදකයන්ගේ භාෂා දැනුම
බලන්නේ නෑ. නිවේදක නවේදිකාවනුත් ඒ ගැන හිතන්නේ නෑ. නමුත් ප්‍රසිද්ධියේ කවුරුහරි
ඇහුවම තමයි ඒ අය අපහසුතාවයට පත්වෙන්නේ.
ඉංග්‍රීසි - සිංහල මිශ්‍රව භාවිතා කරල බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද
කියල මට නම් තේරෙන්නෙ නෑ. පරිවර්තනයට අපහසුම අවස්ථාවක පමණක් එලෙස සිංහල ඉංග්‍රීසි
මිශ්‍රව භාවිතා කළාට කමක් නෑ. අද වෙලා තියෙන්නෙ නිවේදකයින් නිවැරදිව සිංහල දන්නෙත්
නෑ. ඉංග්‍රීසි දන්නෙත් නෑ.
මෙයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක් ද?
අදකාලෙ තිබෙන කෑලි අධ්‍යාපනය තමයි මේකට මූලිකම හේතුව. කොටස් කොටස්
උපුටලා ගත්තොත් සම්පූර්ණ දෙය ළමයි දකින්නේ
නෑ. විෂය නිර්දේෂයට පැරණි ගද්‍ය පද්‍ය කෘතිවලින් කොටස් කොටස් උපුටා දැමීම වෙනුවට
සම්පූර්ණ කෘතියම දැමිය යුතුයි. නැතිනම් ළමයින්ගේ භාෂා දැනුම දියුණුකරන්න අමාරුයි.
ගුවන්විදුලි සහ රෑපවාහිනී වැඩසටහන් වලට අනන්‍ය වූ භාෂාවක් තිබිය යුතුම
ද?
නෑ. භාෂාවයි භාවිතයයි දෙකක්. භාෂාව භාවිතාකළ යුත්තේ උචිතබව පිළිබද
සැලකීමෙන්. යම් ආකාරයක දෙයක් කීවොත් මිනිස්සුන්ට තේරෙයි ද, ඔවුන්ගේ මට්ට්ම ඉහළ යයි
ද යන්න ගැන සිතිය යුතුයි. ශ්ලෝකයක් තියෙනවා ඒකෙ තේරුම මෙහෙමයි.
මන්ත්‍රයක් සදහා යොදාගන්නබැරි අකුරක් නෑ
බේතකට ගන්න බැරි මුලක් නෑ
ඕනෑම වැඩකට යොදවන්න පුලුවන් සුදුසු මිනිස්ස් නැත්තෙත් නෑ
නමුත්, එම සුදුසුසන් සුදුසු තැනට තෝරලා දාන්න කෙනෙක් නෑ
ඔන්න ඕකයි මේ රටට වෙලා තියෙන්නෙත්. ඉතින් කොහොමද හොද වැඩසටහන්
හැදෙන්නෙ.
ඇතැම් ගුවන්විදුලි නාලිකා විසින් ග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ලබා දීම
පිළිබදව ඔබතුමා මොකද හිතන්නෙ?
මුදල් ලබා දීම විහිලුවක්. මිනිස්සු මිනිස්සු මේ වැඩසටහන් අහනවාද
කියලත් ගුවන්විදුලි නාලිකාවලට සැකයි. එකනෙ සල්ලි දෙන්නෙ.
ගුණාත්මක වැඩසටහන් ඉල්ලන ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියල හිතනවා ද?
ඔව්. නමුත් මිනිස්සුන්ට ඕනි ඒව නෙවෙයි මාධ්‍ය මගින් දෙන්නෙ. දැන්
මිනිස්සුන්ට බලෙන් ම මේ වැඩසටහන් අහන්න බලන්න වෙලා තියෙන්නෙ. මුල් කාලයේ මෙරට ගුවන්විදුලි
සංස්ථාවට දේශපාලකයින් ඇගිලි ගැහුවේ නෑ. ඒ කාලේ දේශපාල{යින්ට අඩුමකරමෙ ඒ පිළිබදව
සාමාන්‍ය දැනීමක්හරි තිබුණා. අඩුගානෙ දේශපාලන ඇගිලි ගැසීම් කිරීම වැරදිවැඩක් කියන
එක තේරුම්ගන්නවත් මොළයක් තිබුණා.
ඔබතුමා කියන්නෙ ආණ්ඩු මගින් මාධ්‍ය වලට බලපෑම් වෙනවා කියල ද?
වෙන්නැත්තෙ මොකද? ඔව්. ලාබ ඉපයීම නැතිනම් දේශපාලන පරමාර්ථ උදෙසාතමයි
මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ. පුද්ගලිකව මම හිතනවා ජාතික ගුවන්විදුලිය සහ ජාතික
රූපවාහිනි නාලිකාව අනෙකුත් මාධ්‍ය වලට පරමාදර්ශයක් විය යුතුයි. එය අනෙකුත්
නාලිකාවලට බලපානවා. මිනිස්සුන්ට හොද දේ සහ නරක දේ මොකක්ද කියල හදුනාගන්න නම්, හොද
දෙයක් තියෙන්න ඕනි. ඒත් දැන් ජාතික නාලිකාත් අනෙක් නාලිකාවල දේවල් අනුකරණය කරන්න
පෙළඹිලා.
මෙම යන ක්‍රමය වෙනස්කරන්න නම්?
ජාතික ප්‍රතිපත්තියක් සෑදිය යුතුයි. ඉන්දියාව වැනි රටවල්වල ආණ්ඩු
වෙනස් වුණාට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. ඒත් ලංකාවෙ එහෙම නෑ. මොන දේශප්‍රේමියොගැන
කතාකරත් මේ රටේ ඉන්නෙ දේශපාලකයො නෙවේ. දේශපාලුවෝ.
ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් ඇතිකළොත් මාධ්‍යවලින්
හොද වැඩසටහන් බිහිවෙයි ද?
ඔව්. ජනමාධ්‍යවල පමණක් නෙවෙයි. සෞඛ්‍යය, අධ්‍යපනය වැනි ක්ෂෞත්‍ර
ගණනාවකට එහි බලපෑම තිබිය යුතුයි. රුචිය බල්ලට දමන, දැනුම මොට්ටකරන, මාධ්‍ය සදාචාරය
නොසලකාහරින වැඩසටහන් නොමැතිව ගුණාත්මක වැඩසටහන් බිහිවීමට හොද ජාතික ප්‍රත්පත්තියක්
අවශ්‍යයි.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට සිටින අයට ඔබතුමා දෙන උපදේශය කුමක් ද?
භාෂාව ගැන ගැඹුරින් සිතිය යුතුයි. උදාර අරමුණක් තිබිය යුතුයි.
තර්කානුකූල සත්‍ය තොරතුරු සැපයිම වැදගත්.
මේ යන තත්වය අනුව මෙරට ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයේ අනාගතය
පිළිබදව ඔබගේ අදහස කුමක් ද?
මෙහෙම ගියොත් අනාගතයක් නෑ. අනා.තයක් හදන්න අලුත් බුද්ධි ධාරාවක් එන්න ඕනි. රජයේ
හා මිනිස්සුන්ගෙ දැක්ම අනුව තමයි මේක තීරණය වෙන්නෙ. රෝගයට වඩා රෝග නිධානයටයි
පිළියම්කළ යුත්තේ. රෝග නිධානය රාජ්‍ය පාලකයින්. රාජ්‍ය පාලකයින් බුද්ධිමත්
වියයුතුයි.
Friday, July 29, 2016
Thursday, July 28, 2016
පිකාසෝගේ චිත්‍ර ත් සිහිගන්වන මුහුණුපොත කැළඹවූ..මොකක් ද මේ ප්‍රිස්මා??කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රිස්මා ඇසින්....
පිකාසෝගේ චිත්‍ර ත් සිහිගන්වන මුහුණුපොත කැළඹවූ..මොකක් ද මේ ප්‍රිස්මා???
පැබ්ලෝ පිකාසෝ යුරෝපයේ
ඝණිකවාදය නමැති චිත්‍ර ශෛලිය හදුන්වා දුන් පුරෝගාමියා වේ. මෙහි දී සිදුකෙරෙන්නේ ජ්‍යාමිතික
හැඩතල උපයෝගී කරගෙන සිතුවම් ගොඩනැගීමයි. ත්‍රිකෝණය , වෘත්තය, චතුරස්‍රය වැනි ජ්‍යාමිතික හැඩ මේ සදහා
යොදාගනී. මීට අමතරව ක්ලෝඩ් මොනේ, වින්සන්ට්
වැන්ගෝ, වැසිලි කැන්දින්ස්කි වැනි චිත්‍ර
ශිලපීන්ගේ ශෛලීන් ද මෙම මෘදුකාංගයේ භාවිත වේ.
මෑතක දී රුසියානු නිර්මාණකරුවන් කණ්ඩායමක් විසින් මෙම චිත්‍ර ශෛලීන්ට සමානව පුද්ගලයින්ට තම ඡායාරූප ද ඉතා පහසුවෙන් සිතුවමක්සේ නිර්මාණය කරගතහැකි ඇප්ලිකේෂන් එකක් හදුන්වාදෙන ලදි.මෙය ප්‍රිස්මා නමින් හදුන්වන ඡායාරූප සංස්කරණය කරගතහැකි මෘදුකාංගයකි.
මින් පෙර දී Photoshop මෘදුකාංගයේ ද ගූගල් සමාගම විසින් හදුන්වා දුන් Google Deap Dream මෘදුකාංගයෙන් ද මෙවැනි ඡායාරූප සකස්කරගත හැකියාව තිබුණ ද දැන් ඉතාමත් පහසුවෙන් ම ප්‍රිස්මා මෘදුකාංගය භාවිතයෙන් ස්මාර්ට් ජංගම දුරකතනවලින් එය සිදුකරගත හැකි ය. ප්‍රිස්මා මෘදුකාංගයෙන් පුද්ගලයින් ලබාගන්නා ඡායාරූප තත්පර කිහිපයක දී ප්‍රිස්මා සර්වර් තුළට Upload වී සැණෙකින් ප්‍රිස්මා ඡායාරූපයක් බවට පත් වී නැවත ජංගම දුරකතනය වෙත පැමිණිම සිදු වේ.
කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රිස්මා ඇසින්....
.
ලොව වටා සිටින විශාල ග්‍රාහක පිරිසක් Facebook, Instergram වැනි සමාජ ජාලයන්හි ප්‍රිස්මා ඡායාරූප Upload
කිරීම දක්නට ලැබේ. මෙලෙස ඉතාම කෙටිකාලසීමාවක්
තුළ දී මෙම මෘදුකාංගය ලොව පුරා ජනප්‍රියවීම එහි ජයග්‍රහණයකි. ඉදිරියේ දී ප්‍රිස්මා
භාවිතයෙන් වීඩියෝ දර්ශන සැකසීමේ පහසුකම ද ග්‍රාහකයින්ට ලබා දිමට නිර්මාණකරුවෝ
බලාපොරොත්තු වෙති.
Monday, July 25, 2016
Sunday, July 17, 2016
Friday, July 15, 2016
සමාජයේ එක් දුක්බර පැතිකඩක්.... පියවි
මාගේ ගමන් මල්ලේ තිබෙන කුඩා හිස් ටින්, කඩදාසි කැබලි වැනි නොයෙකුත් අපද්‍රව්‍ය බස් රථයෙන් පිටතට එකිනෙක වීසි කරමින් මම සිටියෙමි. ඒවා මගේ ගමන් මල්ලට එකතු වූයේ කෙසේ දැයි මට නිච්චියක් නැත. කෙසේ හෝ මා දැන් සිටින්නේ බස් රථයක් තුළ බව නම් නිශ්චිත ය. සැඩ සූර්ය රශ්මියෙන් පහර කෑ ක`එදුම් රොටු හා ¥විලි සමග මුසු වූ සුළ`ග මැද්දේ බසයේ එකිනෙකා රත් වූ ටින් කබලක සිර වූ පණුවන් මෙන් තෙරපෙති.
” දළදාගම....පාදෙණිය....වාරියපොල....
කුරුණෑගල....කුරුණෑගල....කුරුණෑගල....”
ඒ බසයේ කොන්දොස්තර මහතාගේ මන්තරයක් මෙන් එකදිගට ජප කරන අමිහිරි කෑ ගැසීම ය. පසෙකින් එහි තොරතෝංචියක් නොමැතිව නාදවන ගීත වැලකි. මගීන්ගෙන් ඇතැමෙක් දුරකතන සංවාදයේ ද ඇතැමක් තවකෙකු හා සමග අල්ලාප සල්ලාපයේ ද යෙදෙමින් සිටිය හ. ඒ සියල්ල අතරේ මාගේ සුපුරුදු මතකයට මා නැවතත් පිවිස තිබෙන්නේ මා නොදැනුවත්වම ය.
” පුතේ, ඔය මනුස්සය කවදාවත් අපිට සැපක් දීල නෑ. මේ වගේ පව්කාරයො මැරෙන් නෑ...අහිංසක අපි තමයි දුක් වි`දින්නෙ. ”
තාත්තා බීමත්ව නිවසට පැමිණෙන සෑම විටෙක ම මාගේ මව එවැනි අෙ`දා්නා දොඩයි. රජයේ ලිපිකරුවෙකු වූ තාත්තාගේ මාසික වැටුපෙනි, අප පවුල නඩත්තු වූයේ. තාත්තාගේ වියදම් ද තාත්තා ද හැර අම්මාට,මට සහ නංගීට ජීවත් වීමට තාත්තාගෙන් ලැබුණේ සු`එ මුදලකි. දුර ගමනක් නොවන සැම ගමනක් ම ඔහු ගමන් ගත්තේ බයිසිකලයෙනි. කොහේ හෝ ගොස් නිවසට පැමිණෙන ඒ බයිසිකල් හ`ඩින් තාත්තාගේ මූණ දැකීමටත් පෙර මාගේ හදවත තිගැස්මට ලක් වූ වාර ගණන අනන්ත ය.
ඒ..”අදත් තාත්තා බීල ද දන්නෑ ”
යැයි කියමින් සිත විමසන බැවිනි.
බොහෝ දුරට රාත‍්‍රියට සුරාවෙන් සප්පායම් වී නිවසට පැමිණ රැුයක් මු`එල්ලේ ම මවට බැන වදින තාත්තා පසු දින උදයට උපාසකයෙකි. ඔහුගේ බැනුම් ගෙරවුම් මනසට කෙතරම් හිරිහැරයක් වුව ද කෙදිනකවත් මට හා නංගීට බැන වැදි ඇති බවක් මගේ මතකයේ නැත. කෙදිනකවත් තාත්තා මා හට අතක් උස්සා වත් නොමැත. නංගීට හා මට ඔහු ආදරය නොකරන බවක් මට දැනී නැත.
තාත්තා හැකි සෑම විටෙක ම කන්තෝරුවෙන් පැන නංගී හා මා පාසල් හමාර වූ පසු නිවෙසට රැුගෙන යාමට පැමිණීම පුරුද්දක් වශයෙන් කරන දෙයකි. එය ඔහුගේ පුරුද්දක් ද යුතුකමක් ද කියා මට නොවැටහේ. දිනක් පාසල් හමාර වී මම සහ නංගී නිවෙසකරා රැුගෙන යාමට තාත්තා
පාසල් ගේට්ටුව අසල ම`ග බලාගෙන සිටින අයුරු මම දුටුවෙමි. තාත්තා දුටු මා කුරු`එ පැටවෙකු මෙන් ඔහු ළ`ගට ඇදිණි. එදින ද තාත්තා සිටියේ බීමතින් බව මට පසක් විය. එකෙනෙහි ම මට සිහි වූයේ නංගී ය. ඇය ඒ වනවිටත් මා අසලට පැමිණ සිටියා ය. වට පිට ළමුන් මා දෙස නෝක්කාඩුවට මෙන් හිනැහී බලන අයුරු නෙත් කොනෙන් දිස් වේ.
කෙසේ හෝ එදින නිවසට පැමිණියේ තාත්තා සමග ම බයිසිකලයෙන් දෙතුන් වතාවක් බිම වැටි වැටී ය. පසු දින උදයේ බයිසිකලයට යට වී තුවාල වූ මගේ කකුලට තාත්තා විසින් බෙහෙත් දමා විශාල වෙ`එම් පටියකින් තුවාලය ගැටගසා දමන ලදි. බෙහෙත් දමා වෙ`එව ද තුවාලය යටින් කීරි ගැසෙනා බව පියා නොදන්නවා ද? නොදන්නවා ද? යැයි මට සිතුණි.
පාසලේ සෑම වාර විභාගයක දී ම පාහේ තිස් පස් දෙනෙකුගෙන් සමන්විත පන්තියේ මට හිමි වන්නේ විසි අට, විසි නවය වැනි ස්ථානයකි.
” සුචරිත... හ් ! නම විතරක් තිබ්බට බෑ. වැඩත් තියෙන්න ඕනෙ. තාත්ත වගේ වෙන්න ද ඕනෙ? ”
ඒ පන්ති භාර ගුරුතුමිය වූ මාගේ ගමේ ම ජීවත් වන විමලාවතී මිස් ය. විමලාවතී මිස්ගේ එවැනි දොස් පරොස් අසා මා හට හො`දින් පුරුදු ය. මම එවැනි සැම මොහොතක ම නිශ්චිත හැ`ගීමක් නොමැතිව කිිසිවක් නොදොඩා බිම බලාගෙන සිටියෙමි. කෙදිනකවත් තාත්තාට වෙනකෙකු දොස් පවරනවාට මා අකමැති ය.
මව සහ පියා බහින් බස් වන සෑම අවස්ථාවක දී ම නංගී සහ මම නිහ`ඩව හා නිසොල්මන් ව හික්මීයන් මෙන් සිටියෙමු. ගමේ කිසි`දු පුද්ගලයෙකු හෝ මිත‍්‍රයෙකු මට අවශ්‍ය වූයේ නැත. ඔවුන් හා කු`එපගු වීමට ද ආශාවක් මා කෙරෙහි නොතිබුණි. තාත්තා ගැන තොරතුරු විමසන පුද්ගලයන් ව මම බෙහෙවින් අප‍්‍රිය කළෙමි. කවුරුන් හෝ කොලූ ගැටයෙක් මා හා රණ්ඩු දබර ඇතිකර ගන්නට ආ අවස්ථාවල දී මා පසු බැස්සේ නිහ`ඩව තරහව සහ වේදනාව දරා ගනිමිනි.
දිනක් පාසල් නිම වූ පසු මම නංගී සමග නිවසට තනිව ම පැමිණියේ එදින තාත්තා නොපැමිණි හෙයිනි. නංගී සමග පාසල් ගේට්ටුව අසළ පැය
භාගයකටත් වඩා රැු`දී සිටි මා පසුව නංගි සමග පයින් නිවසට ගමන් ගත්තෙමි. වෙනදා මා දිහා නොබලන ගමේ නැන්දලා ද, කොලූ ගැටයන් ද අද මා සහ නංගී දෙස විමසිල්ලෙන් බලන අයුරු මට දැනුණි. එය එතරම් ගණන් නොගතයුතු දෙයක් ලෙසට ද මා හට සිතෙන විදිය විය යුතු ය ලෙසට ද සිතා එම හැ`ගීම මම යටපත් කළෙමි.
”අම්මේ....
අම්මේ....”
නිවස තුළින් ශබ්දයක් හෝ පිළිතුරක් නොවී ය.
”අම්මේ... අපි පයින් ම ආවා. තාත්ත ආවෙත් නෑ ”
මම යළිත් වරක් වැරෙන් කෑ ගැසුවෙමි. වෙනදා නිවසින් එළියට පැමිණෙන අම්මා වෙනුවට මෙදා පැමිණියේ පුංචි අම්මා ය. සාමාන්‍යයෙන් පුංචි අම්මා නිතර අපගේ නිවසට පැමිණෙන තැනැත්තියක් නොවූවා ය. ඇය කිසිවක් නොදොඩා ම දෑතින් නංගී සහ මම තුරුල්කොටගෙන සාලය තුළට කැ`දවාගෙන ගියා ය. තාත්තා බීමත් ව පැමිණ අම්මා සමග අ`ඩ දබර වී ඇති බවත් , අම්මා විසින් පියාට දුන් පහරක දී තාත්තා මිය ගොස් ඇති බවත් , අම්මා පොලීසිය භාරයේ සිටින බවත් පුංචි අම්මාගෙන් සැලවිය.
මම අම්මා සහ තාත්තාට බෙහෙවින් ආදරය කළෙමි. බීමතින් පැමින අම්මා සමග අ`ඩ දබර වනවා හැරෙන්නට වෙනත් බරපතල වරදක් මම තාත්තාගෙන් නුදුටුයෙමි. කුඩා කළ පටන් මා සමග දෙපසින් සිටි අම්මා සහ තාත්තා මට මැවි පෙනුණි. නංගී ගැන ද, අනෙක් කවුරුන් හෝ ගැන ද මට සිතීමට අවශ්‍ය නොවී ය. මු`එ ලෝකයක් අමතකව ගොස් මා සිටියේ කොහි ද? කොතැනක ද? යැයි වත් මට නොහැ`ගුණි. දෙනෙත් කෙවෙනි වලින් අම්මාගේ සහ තාත්තාගේ සෙනෙහස දිය වී ගලා බසින්නට විය.
” ඕයි....තමුසෙට පිස්සු ද? මොකද මේ කුණු ගොඩවල් බස්සෙක ඇතුළට අරගෙන එන්නෙ? බහිනව ඕයි... බහිනව බහිනවා....”
ඒ කොන්දොස්තර මහතාගේ හ`ඩින් මා පියවි සිහියට එළඹුණෙමි. එය පියවි සිහියක් ම දැයි මම නොදන්නෙමි.
Thursday, July 14, 2016
Wednesday, July 13, 2016
Wednesday, June 29, 2016
කබල්ලෑවෙක් විසින් මනුෂ්‍ය ඝාතනයක් කෙරේ...යනුවෙන් පුවතක් තිබුණොත් ඔබට විශ්වාස කළ හැකි ද?
කබල්ලෑවා අනතුරක දී වහාම ගුලි වී තමා ආරක්ෂා වේ. වේගවත් වෙඩි
උණ්ඩයකින් පවා ආරක්ෂාවීමේ හැකියාව සතු ය. තමාට කරදරයක් කළහොත් පමණක් පෙරළා
පහරදේ.නමුත් අහිංසක සතෙකි.
මෙය ජනප්‍රවාදයේ එන කතා පුවතකි. එනම්, එක් දඩයක්කරුවෙක් දිනක් තම ගොදුරු සොයා ගැනීම උදෙසා වනගත
වෙනවා. මොහුට හමුවෙනවා කබල්ලෑවෙක්. පසුව කබල්ලෑවාව දඩයම්කරගත් දඩයම්කරුවා
කබල්ලෑවා තම උරහිසේ රදවාගෙන නැවත නිවෙස කරා පිටත්වෙනවා. මේ අතරතුර අර කබල්ලෑවට
සිහිය එනවා. මේ කබල්ලෑවා මියගොස් ඇතැයි සිතුව ද සැබෑවටම සිට ඇත්තේ සිහිසුන්
වී පමණකි. බියපත් වූ විට රෝලයක් සේ
තදින් ගුලි වීම කබල්ලෑවාගේ සිරිතක්. සිහිය පැමිණි පසු බියට පත් කබල්ලෑවා අර
දඩයක්කරුගේ බෙල්ල වටේ තදින් වෙලෙනවා. ඒ හේතුවෙන් ගෙල සිර වී දඩයක්කාරයා එම
ස්ථානයේම මියගොස් තිබෙනවා.මේ ආකාරයට විවිධ ජනප්‍රවාද කබල්ලෑවා වටා ගෙතී තිබුණ ද
ඔහු අහිංසක සතෙකි.
නමුත් මේ වන විට රතු දත්ත
පොතට කබල්ලෑවා ද ඇතුළත්කොට හමාර ය. මෙම සත්වයා ලොව ප්‍රථමයෙන් ම වද වීමේ තර්ජනයට
පත් ක්ෂීරපායීයා ලෙස ද ඇතැම් විද්‍යා{යින් විසින් හදුන්වනු ලබයි.
විද්‍යාත්මක
නාමය- Manis Crassicaudatagray
ඉංග්‍රීසි
නාමය
- Pangolin
දමිළ
නාමය -
අලංගු
කූඹි
කන්නා ලෙස ද හදුන්වන මොවුන් විශේෂ 7ක් ලොව පුරා දැනට සොයාගෙන තිබේ. දිගු ඇලෙනසුලු
දිවක් හිමි කබල්ලෑවා තම තියුණු ඉවක් සහිත නාසය ආධාරයෙන් කුහුඹුවන් සිටින ස්ථාන
සොයාගනී. මෙම දිගු ඇලෙනසුලු දිව භාවිතයෙන් මොහු එවැනි කෘමීන් දඩයම් කරගනී.
මොවුන්ගේ
පිටේ ශක්තිමත් ඝනකම් කොරපොතු දක්නට ලැබේ.ආරක්ෂිත ආවරණවයක් වන මේවා වෙඩි ප්‍රහාරයකට
වුවද ඔරොත්තු දීමට තරම් ශක්තිමත් බව ගැමියන්ගේ මතයකි. හිස සහ යටිබඩ ප්‍රදේශයේ ෙකාරපොතු දක්නට නොමැත. මොවුන්ගේ
ඉදිරිපස ගාත්‍රා ඉතාමත් ශක්තිමත් ය. උල් වූ ශක්තිමත් නිය පිහිටා තිබේ. එමෙන් ම
ඉදිරිපස ගාත්‍රාවල නිය පසුපසට නවාගෙන ගමන් කිරීම දක්නට ලැබේ. එමගින් නියපොතු
නිකරුණේ ගෙවීයාම වැළකේ.
කබල්ලෑවාගේ කොරපොතු මෙරට මලයාල
ගුරුකම්වල දී භාවිතා කෙරෙන බව පැවසේ. එමෙන් ම කබල්ලෑ පොතුවලට සූනියම් දෙවියන්
කැමැති බව ද ජනපුවාදයේ පැවැතේ. නිවෙස්වල ආරක්ෂාවට කබල්ලෑ පොතු තබා ගැනිම ද ඇතැම්
ගැමියන් සිදුකරති. මෙවැනි හේතූන් මත ද මෙම සත්වයින් වද වීමේ තර්ජනයට ලක් ව තිබේ.
මොවුන්
ජිවත් වන්නේ මිටර් 2ත් 6ත් අතර විශාල වූ ගුහාවල ය. තම ශක්තිමත් නිය ආධාරයෙන්
පොළොවේ ගුහා හාරාගනී. සාමාන්‍යයෙන් කහ මිශ්‍ර අලු
පැහැයට හුරු මොවුන්ගේ ජිවත්වන පොළොවට හා ගුහාවට අනුව තම ශරීර වර්ණය අන්වර්තනය වන
බව විද්‍යාඥයන්ගේ මතයයි.ඇතැම් ගුහා මනුෂ්‍යෙයකුට වුව ද සිටියහැකි තරමට විශාල බව ගැමි මතයකි.
මොහු
නිශාචරයෙකි. රාත්‍රියට ආහාර සොයා යෑම බොහෝවිට සිදුකරයි. ගස්වලට නැගීම, පිහිනීම ද
සිදුකරයි. ඒ සදහා ගාත්‍රා සහ වලිගය උපකාරීවෙයි. වලිගය ආධාරයෙන් ගස්වල එතී ඉහළට නැගීම
සිදුකරයි. එමෙන් ම ඇගේ සිටින විලෝපිතයින්ගෙන් බේරීමට මඩේ ගිලී සිටීම ද සිදුකරයි.
මොවුන්ට තියුණු දෑස් හිමි ය.
පැටවුන් මව විසින් තම වල්ගය උඩ තබාගෙන
ගමන්කරන අයුරු
පිරිමි
සතාට වඩා ගැහැණු සත්වයා ප්‍රමාණයෙන් තරමක් කුඩා වේ. එමෙන් ම ගර්භණී කාලය දින 65-70
ත් අතර වේ. පැටවුන් ඉපදුණු මොහොතේ සිට ම පෙනීමෙන් සහ ක්‍රියාකාරී බවින් යුක්ත වේ.
පැටවුන් මව විසින් තම වල්ගය උඩ තබාගෙන ගමන්කරන අතර, අනතුරක දී පැටවුන් ඇග ඇතුළට
කරගෙන හැකිලීම කබල්ලෑ මව සිදුකරයි.
කබල්ලෑ
පොතු අලෙවිය සහ කබල්ලෑ මස් ආහාරයට ගැනීම හේතුවෙන් විශාල වශයෙන් මොවුන් වද වීමේ තර්ජනයට
ලක් ව තිබේ. කබල්ලෑ මස් මුලින් ම අනුභව කරන පුද්ගලයෙකුට එය අපහස් දෙයක් බවත්,
ටිකෙන් ටික එයට හුරුවිය යුතු බවත් ගැමි මතයකි. මනුෂ්‍යයන් වන අපගේ හුස්ම පොදට
කිසිදු හිරිහැරයක් නොකරන මෙම සත්වයාට මනුෂ්‍යයින් විසින් කරන් ලබන හිරිහැර නම් අප්‍රමාණ
වේ. චීනයේ ද පාරම්පරික ඖෂධ උදෙසා කබල්ලෑ රුධිරය සහ අනෙකුත් කොටස් භාවිතකෙරේ.
මෙරට
ද සැබැවින් ම දෑස්වලට කබල්ලැවන් දුටුවන් අල්ප ය. කබල්ලෑවෙකුගේ අනුරුවක් මෙරට
ගිරිතතලේ කටුගෙයෙහි දක්නට ලැබේ. තවදුරටත් මෙම සත්වයන් දඩයම් කිරීම සිදුකළහොත්
සදාකාලික කටුගෙයට ම අයිති දෙයක් බවට කබල්ලැවා ද පත්විය හැකි ය. මෙරට වනසත්ව හා
තුරුලතා ආඥාපනත යටතේ කබල්ලෑවෙකු ළග ගබා
ගැනීම, විකිණීම, විකිණීමට ප්‍රදර්ශනය කිරීම , මරණයට පත්කිරීම හෝ තුවාල කිරීම සපුරා
තහනම් වේ. එලෙස වරදක් සිදුකළහොත් රු.20,000 සිට 50,000 දක්වා දඩ මුදල් හා වසර 2
සිට 5 දක්වා සිර දඩුවමක් ද නියමකළ හැකි ය.
සොබාදහම
විසින් පරිසරය මවා ඇත්තේ සැමට සමාන අයිතියක් ඇතිව ජීවත්වීමට ය. එයට පිටුපාන්නවුන්ට
සොබාදහමෙන් ම දඩුවම් පමුණුවයි.මෙලෙස රතු දත්ත පොතට ඇතුළත් කිරීමට සිදු වූ සියලුම
සත්වයින්ගේ ප්‍රධානතම සතුරා වී ඇත්තේ ඇතැම් මිනිසුන් ය. මිනිසුන් වූ අප මනුසත් ගුණ
සුරැකිය යුතු ය. සතුන්ට ද අප මෙන් ම මෙලොව නිදහසේ ජීවත්වීමට අයිතිය ඇති බව තරයේ
සිහිතබාගත යුතු ය.
Subscribe to:
Posts (Atom)
-
ගුත්තිල කාව්‍යය හා මානව කේන්ද්‍රීය ලක්ෂණ කෝට්ටේ යුගය පැරණි සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හැ`දින්වෙයි. එම යුගයේ රචනා කෙරුණු ගුත්ත...
-
කබල්ලෑවා අනතුරක දී වහාම ගුලි වී තමා ආරක්ෂා වේ. වේගවත් වෙඩි උණ්ඩයකින් පවා ආරක්ෂාවීමේ හැකියාව සතු ය. තමාට කරදරයක් කළහොත් පමණක් පෙරළා පහරද...
-
කලිගියුලා සිනමාපටය විචාරය රෝම අධිරාජ්‍යයෙකු වූ කැලිගියුලා නොහොත් කැලිගියුලස් සීසර්ගේ පාලනය හා ඔහුගේ විකෘති හැසිරීම් රටාව වස්තු...

























