Friday, August 26, 2016
Tuesday, August 16, 2016
අද අධ්‍යාපනයෙනුත් කරන්නෙ ශිෂ්‍යයින්ගෙ ඔලුව එක රාමුවකට හදන එක. ඒ රාමුව නිසා තමයි විශ්වවිද්‍යාලවලින් පිටවෙන උපාධීධාරීන්ට රැකියා නැත්තෙත්...මොන දේශප්‍රේමියොගැන කතාකරත් මේ රටේ බහුතරයක් ඉන්නෙ දේශපාලකයො නෙවේ. දේශපාලුවෝ.
මෙරට මාධ්‍ය භාවිතය පිළිබදව ඔබතුමා සිතන්නේ කුමක් ද?
අපේ කාලයේ සියලු ම ගුවන්විදුලි, රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍යවලට මාධ්‍ය
ශික්ෂණය , අධ්‍යාපනය සහ සදාචාරය පිටිවහල් වුණා. නමුත් අද ඒ කිසිවක් නෑ. අද අධ්‍යාපනයෙනුත් කරන්නෙ ශිෂ්‍යයින්ගෙ ඔලුව එක
රාමුවකට හදන එක. ඒ රාමුව නිසා තමයි විශ්වවිද්‍යාලවලින් පිටවෙන උපාධීධාරීන්ට රැකියා
නැත්තෙත්. ඒ වගේ ම දැනුම දෙන්න පුලුවන් බහුතරයක් අවශ්‍ය තැන්වල නෑ. දැන් පාසල්වල
ගුරුවරුත් එහෙමනෙ. අද දැනුම බොල්.
ආරම්භක යුගයේ ගුවන්විදුලි මාධ්‍යයයි, නූතන ගුවන්විදුලි මාධ්‍යයයි සංසන්දනය
කළහොත් පරස්පර විරෝධි භාවයක් තිබෙන බව බොහෝ පුද්ගලයින් පවසනවා. මේ පිළිබදව ඔබතුමා
දරන මතය කුමක් ද?
ඉස්සර ගුවන්විදුලි නාලිකාවක් විදියට තිබුණෙ ගුවන්විදුලි සංස්ථාව
පමණයි. එය රාජ්‍ය ආයතනයක් වුණත් පන්දම් ආයනයක් ලෙස පැවතුණේ නෑ. ගුවන්විදුලිය සහ
රූපවාහිනිය කියන්නේ සංස්කෘතික ආයතන. වෙළද බඩු විකුණන්නයි, දේශපාලන උවමනා
එපාකම්වලටයි තමයි දැන් මාධ්‍ය භාවිකා
වෙන්නෙ. ඒ කාලයේ වැඩසටහන්වලට ගත්තේ තම ආයතන දියුණුකරන්න පුලුවන් පුද්ගලයන්ව. නමුත්
වර්තමානයේ එහෙම නෑ.
එතකොට වර්තමාන ගුවන්විදුලි සහ රෑපවාහිනී වැඩසටහන් අතුරින් සෑහීමකට
පත්වියහැකි වැඩසටහන් ඇත්තේ ම නැද්ද?
සමහර හොද වැඩසටහන් කිහිපයක් තිබෙනවා. පුද්ගලයෙක්ට රසාස්වාදයක් දෙනවා
නම්, එය උසස් රසවින්දනයක් නම් එය හොද වැඩසටහනක්. මිනිහෙක්ට පහත් රසවින්දනයක් දෙන්න
හරි ලේසියි. නමුත් උසස් රසවින්දනයක් දෙන්න හරි අපහසුයි.
ජනමාධ්‍ය භාෂාවට අද මොකද වෙලා තියෙන්නේ?
අද 99%කටත් වැඩි පිරිසකට භාෂා දැනුම නිසිපරිදි නෑ. නිවේදකකෙුට හෝ
නිවේදිකාවකට හොද වාග් කෝෂයක් අවශ්‍යයි. වර්තමානයේ බැලුවාම දැනට කතාකරන වචන තිබ්බත්
ඇති විවේදකයෙක් වෙන්න. වර්තමාන මාධ්‍ය ආයතන බොහෝමයක් නිවේදකයන්ගේ භාෂා දැනුම
බලන්නේ නෑ. නිවේදක නවේදිකාවනුත් ඒ ගැන හිතන්නේ නෑ. නමුත් ප්‍රසිද්ධියේ කවුරුහරි
ඇහුවම තමයි ඒ අය අපහසුතාවයට පත්වෙන්නේ.
ඉංග්‍රීසි - සිංහල මිශ්‍රව භාවිතා කරල බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද
කියල මට නම් තේරෙන්නෙ නෑ. පරිවර්තනයට අපහසුම අවස්ථාවක පමණක් එලෙස සිංහල ඉංග්‍රීසි
මිශ්‍රව භාවිතා කළාට කමක් නෑ. අද වෙලා තියෙන්නෙ නිවේදකයින් නිවැරදිව සිංහල දන්නෙත්
නෑ. ඉංග්‍රීසි දන්නෙත් නෑ.
මෙයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක් ද?
අදකාලෙ තිබෙන කෑලි අධ්‍යාපනය තමයි මේකට මූලිකම හේතුව. කොටස් කොටස්
උපුටලා ගත්තොත් සම්පූර්ණ දෙය ළමයි දකින්නේ
නෑ. විෂය නිර්දේෂයට පැරණි ගද්‍ය පද්‍ය කෘතිවලින් කොටස් කොටස් උපුටා දැමීම වෙනුවට
සම්පූර්ණ කෘතියම දැමිය යුතුයි. නැතිනම් ළමයින්ගේ භාෂා දැනුම දියුණුකරන්න අමාරුයි.
ගුවන්විදුලි සහ රෑපවාහිනී වැඩසටහන් වලට අනන්‍ය වූ භාෂාවක් තිබිය යුතුම
ද?
නෑ. භාෂාවයි භාවිතයයි දෙකක්. භාෂාව භාවිතාකළ යුත්තේ උචිතබව පිළිබද
සැලකීමෙන්. යම් ආකාරයක දෙයක් කීවොත් මිනිස්සුන්ට තේරෙයි ද, ඔවුන්ගේ මට්ට්ම ඉහළ යයි
ද යන්න ගැන සිතිය යුතුයි. ශ්ලෝකයක් තියෙනවා ඒකෙ තේරුම මෙහෙමයි.
මන්ත්‍රයක් සදහා යොදාගන්නබැරි අකුරක් නෑ
බේතකට ගන්න බැරි මුලක් නෑ
ඕනෑම වැඩකට යොදවන්න පුලුවන් සුදුසු මිනිස්ස් නැත්තෙත් නෑ
නමුත්, එම සුදුසුසන් සුදුසු තැනට තෝරලා දාන්න කෙනෙක් නෑ
ඔන්න ඕකයි මේ රටට වෙලා තියෙන්නෙත්. ඉතින් කොහොමද හොද වැඩසටහන්
හැදෙන්නෙ.
ඇතැම් ගුවන්විදුලි නාලිකා විසින් ග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ලබා දීම
පිළිබදව ඔබතුමා මොකද හිතන්නෙ?
මුදල් ලබා දීම විහිලුවක්. මිනිස්සු මිනිස්සු මේ වැඩසටහන් අහනවාද
කියලත් ගුවන්විදුලි නාලිකාවලට සැකයි. එකනෙ සල්ලි දෙන්නෙ.
ගුණාත්මක වැඩසටහන් ඉල්ලන ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියල හිතනවා ද?
ඔව්. නමුත් මිනිස්සුන්ට ඕනි ඒව නෙවෙයි මාධ්‍ය මගින් දෙන්නෙ. දැන්
මිනිස්සුන්ට බලෙන් ම මේ වැඩසටහන් අහන්න බලන්න වෙලා තියෙන්නෙ. මුල් කාලයේ මෙරට ගුවන්විදුලි
සංස්ථාවට දේශපාලකයින් ඇගිලි ගැහුවේ නෑ. ඒ කාලේ දේශපාල{යින්ට අඩුමකරමෙ ඒ පිළිබදව
සාමාන්‍ය දැනීමක්හරි තිබුණා. අඩුගානෙ දේශපාලන ඇගිලි ගැසීම් කිරීම වැරදිවැඩක් කියන
එක තේරුම්ගන්නවත් මොළයක් තිබුණා.
ඔබතුමා කියන්නෙ ආණ්ඩු මගින් මාධ්‍ය වලට බලපෑම් වෙනවා කියල ද?
වෙන්නැත්තෙ මොකද? ඔව්. ලාබ ඉපයීම නැතිනම් දේශපාලන පරමාර්ථ උදෙසාතමයි
මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ. පුද්ගලිකව මම හිතනවා ජාතික ගුවන්විදුලිය සහ ජාතික
රූපවාහිනි නාලිකාව අනෙකුත් මාධ්‍ය වලට පරමාදර්ශයක් විය යුතුයි. එය අනෙකුත්
නාලිකාවලට බලපානවා. මිනිස්සුන්ට හොද දේ සහ නරක දේ මොකක්ද කියල හදුනාගන්න නම්, හොද
දෙයක් තියෙන්න ඕනි. ඒත් දැන් ජාතික නාලිකාත් අනෙක් නාලිකාවල දේවල් අනුකරණය කරන්න
පෙළඹිලා.
මෙම යන ක්‍රමය වෙනස්කරන්න නම්?
ජාතික ප්‍රතිපත්තියක් සෑදිය යුතුයි. ඉන්දියාව වැනි රටවල්වල ආණ්ඩු
වෙනස් වුණාට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. ඒත් ලංකාවෙ එහෙම නෑ. මොන දේශප්‍රේමියොගැන
කතාකරත් මේ රටේ ඉන්නෙ දේශපාලකයො නෙවේ. දේශපාලුවෝ.
ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් ඇතිකළොත් මාධ්‍යවලින්
හොද වැඩසටහන් බිහිවෙයි ද?
ඔව්. ජනමාධ්‍යවල පමණක් නෙවෙයි. සෞඛ්‍යය, අධ්‍යපනය වැනි ක්ෂෞත්‍ර
ගණනාවකට එහි බලපෑම තිබිය යුතුයි. රුචිය බල්ලට දමන, දැනුම මොට්ටකරන, මාධ්‍ය සදාචාරය
නොසලකාහරින වැඩසටහන් නොමැතිව ගුණාත්මක වැඩසටහන් බිහිවීමට හොද ජාතික ප්‍රත්පත්තියක්
අවශ්‍යයි.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට සිටින අයට ඔබතුමා දෙන උපදේශය කුමක් ද?
භාෂාව ගැන ගැඹුරින් සිතිය යුතුයි. උදාර අරමුණක් තිබිය යුතුයි.
තර්කානුකූල සත්‍ය තොරතුරු සැපයිම වැදගත්.
මේ යන තත්වය අනුව මෙරට ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයේ අනාගතය
පිළිබදව ඔබගේ අදහස කුමක් ද?
මෙහෙම ගියොත් අනාගතයක් නෑ. අනා.තයක් හදන්න අලුත් බුද්ධි ධාරාවක් එන්න ඕනි. රජයේ
හා මිනිස්සුන්ගෙ දැක්ම අනුව තමයි මේක තීරණය වෙන්නෙ. රෝගයට වඩා රෝග නිධානයටයි
පිළියම්කළ යුත්තේ. රෝග නිධානය රාජ්‍ය පාලකයින්. රාජ්‍ය පාලකයින් බුද්ධිමත්
වියයුතුයි.
Subscribe to:
Posts (Atom)
-
ගුත්තිල කාව්‍යය හා මානව කේන්ද්‍රීය ලක්ෂණ කෝට්ටේ යුගය පැරණි සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හැ`දින්වෙයි. එම යුගයේ රචනා කෙරුණු ගුත්ත...
-
කබල්ලෑවා අනතුරක දී වහාම ගුලි වී තමා ආරක්ෂා වේ. වේගවත් වෙඩි උණ්ඩයකින් පවා ආරක්ෂාවීමේ හැකියාව සතු ය. තමාට කරදරයක් කළහොත් පමණක් පෙරළා පහරද...
-
කලිගියුලා සිනමාපටය විචාරය රෝම අධිරාජ්‍යයෙකු වූ කැලිගියුලා නොහොත් කැලිගියුලස් සීසර්ගේ පාලනය හා ඔහුගේ විකෘති හැසිරීම් රටාව වස්තු...




