Sunday, August 20, 2017

කලිගියුලා සිනමාපටය විචාරය

 

   කලිගියුලා සිනමාපටය විචාරය




රෝම අධිරාජ්‍යයෙකු වූ කැලිගියුලා නොහොත් කැලිගියුලස් සීසර්ගේ පාලනය හා ඔහුගේ විකෘති හැසිරීම් රටාව වස්තු විෂයය කරගත් චිත‍්‍රපටයකි කැලිගියුලා. මේ ම`ගින් රෝම අධිරාජ්‍යයේ නැ`ගීම සහ බි`ද වැටීම සහ අධිරාජ්‍යයෙකුගේ කෲර, විකෘති හැසිරීම ද පෙන්නුම් කරයි. මෙම විකෘති හැසිරීම්වලට හේතු වූ මනෝමය කාරණාවන් ද චිත‍්‍රපටය තුළ දිග හැරෙයි. කලිගියුලා චිත‍්‍රපටය සිග්මන් ෆ්‍රොයිඞ් විසින් හ`දුන්වා දුන් මනෝවිශ්ලේෂණවාදය සහ ෆර්ඩිනැනඩස් ෂෝෂා, චාර්ල්ස් සැන්ඩර්සන් පාර්ස් වැන්නවුන් සහ පශ්චාත් සංඥාර්ථවාදීන් විසින් හ`දුන්වාදෙනු ලැබූ සංඥාර්ථවේදය ඇසුරින් විචාරය කළ හැකි ය.
චිත‍්‍රපට අධ්‍යක්ෂණය ටින්ටෝ බ‍්‍රාස් විසිනි. 1979 මහජන ප‍්‍රදර්ශනය ආරම්භ කළ කලිගියුලා දැඩි මත භේද වලට තුඩු දුන් චිත‍්‍රපටයකි. චිත‍්‍රපටය ආරම්භයට පෙර මෙලෙස පාඨයක් දක්වයි.  ර්‍ණ උය්එ ිය්කක සඑ චරදසෙඑ ් ප්බල ෂෙ යැ ියදමකා ට්සබ එයැ අයදකැ අදරකා ්බා කදිැ යසි දඅබ ිදමකී’ ( මිනිසෙකුට මු`එ ලෝකයම දිනා ගත්ත ද ඔහුට ලැබෙන යහපත කුමක් ද, එය නම් ඔහුට ඔහුගේ ආත්මය අහිමි වීමයි *. මෙලෙස දැක්වීමෙන් ගම්‍ය කෙරෙන්නේ කලිගියුලස් සීසර් තම බලය සහ විකෘති හැසිරීම් හා පාලන රටා හේතුවෙන් ඔහුගේ ආත්මය ඔහුට නොදැනිම අහිමි වී යන ආකාරයයි.
චාර්ල්ස් සැන්ඩර්සන් විසින් සංඥාර්ථවේදය පිළිබ`දව ති‍්‍රකෝණාකාර සම්බන්ධයක් මතුකොට දැක්වූයේ ය. එනම්, ප‍්‍රතිරූපය,දර්ශකය හා සංකේතය යන සම්බන්ධතා තුන ය. ප‍්‍රතිරූපය යනු කිසියම් වස්තුවකට සාම්‍යයක් දක්වන්නකි. කිසියම් පුද්ගලයෙකුගේ ඡුායාරූපයක් ඒ පුද්ගලයා පිළිබ`ද ප‍්‍රතිරූපයක් ලෙස ඔහු විග‍්‍රහ කර තිබේ. චිත‍්‍රපටය පටන්ගැන්මේ දී කැලිගියුලස් සීසර්ගේ මුහුණ සහිත ලාංඡුනයක් පෙන්නුම් කෙරෙන අතර, එහි ඇසෙන් ක`දු`එ වෙනුවට රුධිරය ගලාගෙන වැටෙන අයුරු දක්වා තිබෙයි. මෙයින් සංකේතවත් කෙරෙන්නේ ඔහුගේ කෲර පාලනය හා විනාශයයි. එමෙන් ම කැලිගියුලස්ගේ පාලනය ඛේදාන්තයක් බව ද එයින් සංකේතවත් කෙරෙයි.
පුරා වෘත්තයක් ඇසුරින් නිර්මාණය වූ කලිගියුලා චිත‍්‍රපටයට වස්තු විෂයය වූ  රෝම සමූහාණ්ඩුවේ දේශපාලනික, සමාජයීය, ආර්ථික පසුබිම සැකෙවින් මෙසේ හ`දුනා ගත හැකි ය. ක‍්‍ර. පූ. 509 දී පමණ රෝම සමුහාණ්ඩුව පිහිටුවන ලදි. කලිගියුලාගේ පාලන සමයේ දී සමලිංගිකත්වයට ද නීතියෙන් අවසර ලබා දී එය සාමාන්‍යකරණයට ලක් වූ දෙයක් බව ඉතිහාසයේ පැවසෙයි. රෝමයේ රාජ්‍ය ආගමේ මූලිකයා වූයේ ද රජතුමා ය. යුධමය කටයුතු වල දී රෝම අධිරාජ්‍යයාට ප‍්‍රධාන තැනක් හිමි වී තිබේ. අධිරාජ්‍යයාගේ බලතල වලට අමතරව ප‍්‍රධාන පරිපාලනමය ඒකක තුනක් පැවත තිබේ. එනම්, රජතුමාගේ උපදේශක මණ්ඩලය ලෙස කටයුතු කළ සෙනෙට් සභාව, රජතුමා විසින් ඉදිරිපත් කරන නීති, රෙගුලාසි සම්මත කරන කොම්ටියා කුරියාටා සභාව සහ රජයේ පූජකවරුන්ගේ එකතුවක් වන කොම්ටියා කලාටා සභාව එම ඒකක තුනයි.
රෝමානු සමාජය තුළ පන්ති වලට බෙදුණු සමාජීය සැකැස්මක් පවතී. එම සමාජීය සැකැස්ම තුළ පහළින් ම සිටින්නේ වහල්ලූ ය. කලිගියුලා චිත‍්‍රපටයේ ද එය නිරූපණය කෙරෙයි. නිරුවතින් ඉතා දුක්ඛිතව වහල් සෙවයේ යෙදෙන ගල් කඩන්නන්ගේ දර්ශනයෙන් ප‍්‍රථමයෙන් ම එය පිළිබිඹු වෙයි. එමෙන් ම ලිංගික වහල් භාවය ද දක්නට ලැබෙයි. රජ මාළිගයේ සිය`එම පුද්ගලයින් තම ලිංගික කටයුතු සිදු කරන්නේ අධිරාජ්‍යයාගේ අණ පරිදි ය.
 රෝමානු නීති සාම්ප‍්‍රදායිකව සම්මත වන්නේ කොමිටියා සහ ටි‍්‍රබියුටා නම් සමූහ රැුස්වීම් ඡුන්ද විමසීමෙනි. ඒ ආකාරයෙන් රාජ්‍ය තනතුරු ස`දහා පත්වීමට නම් ප‍්‍රථමයෙන් ඔවුන් ජනතාවගේ ඡුන්දයෙන් පත්විය යුතු ය. නමුදු රෝමානු සෙනෙට් සභාව පාලනය වූයේ ඉහළ තල හා ඉහළ පන්ති වල ජනතාවගේ සහයෝගයෙන් පමණකි.
සමූහාණ්ඩුව තුළ සෙනෙට් සභාවට විශාල බලතල තිබූ නමුත් ව්‍යවස්ථාදායක බලතල නොතිබිණි. එබැවින් එය පැවැතියේ උපදේශක මණ්ඩලයක් ලෙස ය. සෙනෙට් සභිකයෝ පෞද්ගලිකව ම බලතල වලින් හෙබි බැවින් සෙනෙට් සභාවේ සාමූහික අදහස් වලට විරුද්ධව කිසිවක් කිරීමට නොහැකි රෝම පාලන සමයක් ද තිබී ඇත.
විදේශීය යුද්ධ හා යටත් කිරීම්, වහල් වැඩ ලාභ වීමට හා අවශ්‍ය තරම් ලබා ගැනීමට එකළ හේතු වී තිබේ. ආැර්ථික වශයෙන් විශාල ලෙස කම්කරුවන් යොදා ගැනීම ද එකල සිදු කර තිබේ. මෙම සමයේ කර තිබෙන ගණනය කිරීම් වලට අනුව රෝම අධිරාජ්‍යයේ ජනගහණයෙන් සියයට විස්සක් වහලූන් ව සිටි අතර සියයට හතළිහක් රෝම නගරය තුළ විසූ හ.
ස්නායු සහ මනෝ විද්‍යාඥයෙකු වූ සිග්මන් ෆ්‍රොයිඞ් විසින් හ`දුන්වා දුන් මනෝ විශ්ලේෂණවාදය නවීන චින්තන ලෝකයෙහි උග‍්‍ර විප්ලවයක් ඇති කිරීමට සමත්විය. එය සිනමා ආඛ්‍යානයන් නිර්මාණය උදෙසා ද විචාරය උදෙසා ද වර්තමානයේ දී ත් භාවිත වේ. මින්ස මනස පදනම්කරගත් අධ්‍යයන ක්ෂේත‍්‍රය මනෝවිශ්ලේෂණවාදයට අයත් වේ. එය විද්‍යාත්මකව සනාථ කිරීම එහි දී සිදු වෙයි.
 ෆ්‍රොයිඞ් ගේ කෘති වලට මුල් වූ එක් වැදගත් සංකල්පයක් වන්නේ උපවිඥානයයි. මිනිසා බුද්ධියට හා තර්කයට අනුව දැනුවත් ව සවිඥානිකව ක‍්‍රියා කරන බව සාමාන්‍ය පිළිගැනීම විය. නමුත් උපවිඥානය ඉතා ගැඹුරු ලෙස මානව චර්යා රටාව කෙරෙහි බලපාන අයුරු ෆ්‍රොයිඞ් විසින් ඉදිරිපත් කරනු ලැබී ය. පුද්ගලයා නොදැනුවත්වම ඔහුගේ උප විඥානය ජීවිතය පාලනය කරන අයුරු ෆ්‍රොයිඞ් පෙන්වා දුන්නේ ය. යටි සිතේ පැවතෙන ආවේගයන් ආශාවන් වලට ඉඩ දීම කලිගියුලා සිදු කරයි. ඒ ස`දහා බලපාන්නේ ඔහු තුළ ගොඩනැෙ`ගන උප විඥානයයි. උප විඥානය සෑම විට ම ක‍්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ ප‍්‍රීතිය උදෙසා ය. ෆ්‍රොයිඞ් පෙන්වා දෙන පරිදි මිනිස් සිත උඩු සිත හා යටි සිත ලෙෂ කොටස් දෙකකි. සිතිවිලි කොටස් තුනකි. එනම්, ඉඞ් (උඩු සිත*, ඊගෝ ( යටි සිත*, සුපර් ඊගෝ (සුපහන් සිත* යනුවෙනි. මෙම සුපහන් සිත හෙවත් සුපර් ඊගෝ හි තැන්පත්වන දෑ පුද්ගලයාගේ උප විඥානයට එක් වෙයි.
කලිගියුලා චිත‍්‍රපටයේ පළමු භාගයෙන් පෙන්වන්නේ කලිගියුලාගේ ළමා අවධිය ගෙවී ඇති අයුරුයි. ඔහු පේ‍්‍රමයෙන් වෙලී සිටින්නේ තම නැ`ගණිය සමග ය. අසම්මත වුව ද එය සැබෑ පේ‍්‍රමයක් ලෙස චිත‍්‍රපටය පුරාවට දිවේ. ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස මුලින් ජීවත් වුව ද ඔහු ජිවත් වූ පරිසරය සම`ග ඔහුගේ හැසිරීම් රටාව සහ මනෝ භාවයන් වෙනස් වේ.
තම සීයා වන තිබේරියස් රෝම අධිරාජ්‍යයාව සිටි සමයේ තරුණ කලිගියුලා සීයාගේ පාලනය යටතේ පැවැති කුටියකට පිවිසේ. එහි දී ඔහු දකින්නේ විකෘති හා දරද`ඩු කාමාශාවන්ගෙන් පෙළෙන, ඒවායෙහි නිරතවන ලිංගික වහල්භාවයකට ලක් වූ කාන්තාවන් සහ පිරිමින් ය. ඔවුන් තුළ සාරධර්මීය හෝ සාමාන්‍ය මානුෂීය ගති ස්වභාවයන් දක්නට නොමැත. මෙය කලිගියුලා මුලින් ම දුටු විට ඔහු වික්ෂිප්තයට පත් වේ. නමුත් කෙමෙන් කෙමෙන් ඔහුට නොදැනීම එය ඔහුගේ උපවිඥානයේ තැන්පත් වෙයි. පසු කළෙක ඔහු කරන්නේ ද මෙය ම ය.
කලිගියුලා පසුව සීයා සමග තවත් ස්ථානයකට ගමන් කරයි. එය පිහිනුම් තටාකයකි. එහි කාන්තාවන් පිරිසක් තම දරුවන් අතැතිව සිටිති. ඒ සිය`එම දරුවන් සීයා වන තිබේරියස් අධිරාජ්‍යයාගේ ය. නමුත් ඔහුට එම දරුවන් පිළිබ`දව කිසිුදු හැ`ගීමක් නොමැත. බලයෙන් මත් වී සිටින ඔහු තමාට සිතෙන  ඕනෑම කාන්තාවක් තම කාමුක අවශ්‍යතා ස`දහා යොදා ගනී. මේ සියල්ලම කලිගියුලාගේ උප විඥානයේ තැන්පත් වේ.
එක් අවස්ථාවක දී තිබේරියස් විසින් කලිගියුලාට වස පානය කිරීමට සලස්වයි. නමුත් එය පානය නොකරන කලිගියුලාගේ ජීවිතය බේරෙන්නේ තිබේරියස්ගේ සේවිකාවකට එය පානය කිරීමට ලබා දීමෙනි. එම සේවිකාව ලාබාල ලිංගික වහල් සේවිකාවකි. තම අධිරාජ්‍යයාට කිසි`දු අයුරකින් විරුද්ධ නොවන ඇයට වස පානය කර මිය යාම යහපතක් ගෙන දෙන්නක් බව ගම්‍ය කෙරෙයි. එයින් අදහස් කෙරෙන්නේ රෝම අධිරාජ්‍යයාගේ කෲර පාලනයයි. තිබේරියස්ගේ බාල මුණුබුරා වෙත මීළ`ග අධිරාජ්‍යත්වය පැවරීමට ඔහු තීරණය කරයි.
මා නොමැති දවසක කලිගියුලා ඔබව මරා දමාවි. පසුව තවත් කෙනෙකු විසින් කිලිගියුලාව මරා දමාවි ”
යනුවෙන් තිබේරියස් තම බාල මණුුබුරාට පවසයි. මෙයින් පැහැදිලි වන්නේ බලයට ආශාවෙන්  මිනිසුන්ගේ ජීවිත අහිමිවන බවයි. මේ හේතුවෙන් තිබේරියස් තමා මරා දමනු ඇතැයි කලිගියුලා භීතියට පත් වේ.
අප විසින් සවිඥානික මනසින් සිතන හෝ යටපත්කර දමන ඇතැම් චේතනා හා අභිලාෂයන් නව වේශයකින් සිහිනවලින් දැක්වෙන බව ෆ්‍රොයිඞ්ගේ ඉගැන්වීම් වල තිබේ. ඉහත සිදුවීම සෑම විටෙකම කලිගියුලාගේ සිතේ සක්මන් කරයි. පසුව ඔහු සිහිනෙන් දකින්නේ ද තම සීයා තමා මරණයට පත් කිරීමට සැරසෙන අයුරු ය. මෙය මානසික වදයක් බවට අවසානයේ පත් වේ. මෙයින් මිදීමට කලිගියුලා තම රාජ්‍යයේ සිටින ප‍්‍රධාන යුධ සෙබළා වන ජෙමියුලස් සමග එකතු වී තම සීයාගේ ගෙළ සිරකර කෲර ලෙස මරණයට පත් කරයි. එම අවස්ථාවේ දී සීයා සතුව තිබූ රෝම අධිරාජ්‍යයේ බලය සංකේතවත් කරන මුද්ද ඉතා තණ්හාවෙන් යුතුව ඩැහි ගෙන තම අතේ පළ`දවා ගැනීම කලිගියුලා සිදු කරයි.
සිග්මන් ෆ්‍රොයිඞ් පවසා තිබෙන්නේ මු`එ මානව සංහතියේම පැවැත්ම තීරණය වන්නේ කාමුකත්වය මත බවයි. මෙහි දී ලිංගිකත්වය යන්න ඉක්මවා ගිය කාමුකත්වයක් පිළිබ`දව කියැවේ. ලිංගිකත්වයේ මූලික පදනම වර්ගයා බෝ කිරීම පමණක් නොවේ. තම සතුට, ආස්වාදය ලබා ගැනීම හෝ පලි ගැනීම් සිදුකිරීමට ද ලිංගිකත්වය හා කාමුකත්වය භාවිතා කෙරෙයි.
කලිගියුලා චිත‍්‍රපටයේ ද එය සිදුවෙයි. බලය ලබා ගැනීම උදෙසා තම සීයාව මරණයට පත් කරීමේ සිද්ධියේ දී ජෙමියුලාස් නමැති යුධ සෙබළා තම සහය කලිගියුලාට දක්වන බව ඔප්පු කිරීමට තම භාර්යාව කලිගියුලා වෙත යවයි. භාර්යාව ද තම ස්වාමියාට බලය හා වාසි ලබා ගැනීම තකා කලිගියුලා සමග කාමුක හැසිරීම් සිදු කරයි. නමුත් අවසානයේ දී සිදු වන්නේ සාක්ෂි මකා දැමීම පිණිස කලිගියුලා විසින් ජෙමියුලාස්ව අමානුෂික අයුරින් මරා දැමීමයි. එම අවස්ථාවේ දී ඔහුගේ බිරි`දගේ කාමුකත්වය කලිගියුලා නොසලකා හරියි. ඒ ඔහුට තම බලය සහ අධිරාජ්‍යය කෙරෙහි ඇති තණ්හාව හේතුවෙනි. බලයෙන් ඔහුගේ ඇස් අන්ධවෙයි.
රෝම අධිරාජ්‍යත්වය ලැබීම සමග කෲරත්වය කලිගියුලා තුළ නිර්මාණය වෙයි. බල ලෝභය හා බලයෙන් උදම්වීම ද ඇති වෙයි. තමාට සහය දක්වන යුධ සෙබළා මරා දැමීමට භාවිතා කරන්නේ හිස පමණක් පොළොවෙනි ඉහළට මතුවන සේ ක`ද වලළා, ගල් ගැසීම සහ යන්ත‍්‍රයකින් බෙල්ල කපා දැමීමයි. එමෙන් ම මත්පැන් පානය කැමින් සිටි සෙබළෙකුට කෲර වධ හිංසා දී ඔහුගේ උදරය කපා දැමීම වැනි ද`ඩුවම් ලබා දෙන්නේ ද කලිගියුලා ම ය.
බලයෙන් මත් වූ මිනිසෙකුගේ සිතිවිලි වල ඇති ආවේගයට කලිගියුලා චරිතය ම`ගින් ආමන්ත‍්‍රණය කරයි. ඔහු කන්‍යාවියකගේ කන්‍යාභාවය නැති කරන්නේ ඇයගේ පෙම්වතා ඉදිරියේ දීම ය. එමෙන් ම පෙම්වතාට ද ලිංගිකමය ලෙස කෲර වද හිංසා පමුණුවයි. මෙයින් පිළිඹිබු වන්නේ ඔහුගේ යටි සිත ය. එදිනෙදා සිදුවන සිදුවීම් සියල්ලක් ම කලිගියුලාගේ උප විඥානයේ තැන්පත් වී එම ක‍්‍රියාවන් සියල්ලක් ම ඔහුට සාමාන්‍යකරණය වෙයි. පසුව ඔහු ඊටත් වඩා දරුණු සහ විකෘති හැසිරීම් සිදු කරයි.
මෙම චිත‍්‍රපටයේ සාමාන්‍ය ලිංගිකත්වය, සමලිංගිකත්වය මෙන් ම විකෘති ලිංගිකත්වය ද ඇතුළත් ය. කලිගියුලා ප‍්‍රථමයෙන් ම සාමාන්‍ය ලිංගික හැසිරීම් සහිත පුද්ගලයෙකි. නමුත් පසුව ඔහු තම සහායකයා වූ සෙබළෙකු සමග ද, තම මලණුවන් සමග ද, සම ලිංගික ඇසුරෙහි නිරත වෙයි. එයින් කලිගියුලා සිදු කරන්නේ තමන්ගේ අණට හා තම අභිප‍්‍රායයන් ඉටු කර ගැනීමට ලිංගිකත්වය භාවිතා කිරීමකි. ඇතැම් අවස්ථාවල දී තමාට අවශ්‍ය පුද්ගලයා දමනය කර ගැනිමට ඔහු ලිංගිකත්වය භාවිතා කරයි.
කලිගියුලා විවිහවීමට බිරි`දක් රැුගෙන ආ අවස්ථවේ දී කලිගියුලා, බිරි`ද සහ නැෙ`ගණිය යන තිදෙනාම එක්විට විකෘති වූ ලිංගික හැසිරීම්වල නිරත වෙයි. මෙය හොහෙන් බලා සිටි මාළිගයේ සේවිකාවන් ද සේවකයන් ද සම ලිංගික ඇසුරෙහි යෙදීම එම අවස්ථාවේ දී දර්ශනය වේ. මෙයින් පිළිබිඹු කෙරෙන්නේ රාජ්‍යයේ පාලකයාගේ හැසිරීම මත සේවකයන්ගේ හා ජනතාවගේ හැසිරීම් ද තීරණය වන බව ය. අධිරජයාගේ පිරිහීම සෙස්සන්ගේ ද පිරීහීම බව මෙයින් පිළිබිඹු කෙරෙයි.
තම සෙනෙට් සභාවේ ප‍්‍රධාන නිළයක් අශ්වයෙකුට ලබා දීමට තරම් කලිගියුලාගේ මානසිකත්වය ක‍්‍රියාකළේ ය. අශ්වයා සමග ඔහු සිදු කරන හැසිරීම් වලින් ගම්‍යවන්නේ ඔහු තුළ තිබූ විකෘති කාමුකත්වයයි. තම නැෙ`ගණිය වූ ඩ‍්‍රසිල්ලාගේ මරණයෙන් පසුව ඔහු හි`ගන්නකෙු සේ නතරයේ වීදිවල ඇවිදියි. මේ සියල්ලෙන් පිළිඹිබු වන්නේ ඔහු තුළ තිබූ අතෘප්තියයි.
කැසියස් නමැත් සෙබළා විසින් කලිගියුලා මරා දැමූ පුවත ඇසූ ජනයාගේ හැසිරීමෙන් දිස් වූයේ කලිගියුලාගේ මරණය දැකීමට මිනිසුන්ට අවශ්‍යව තිබූ බව ය. කලිගියුලා ඒ තැනට පත් වූයේ ඔහු තුළ තිබූ උපවිඥානයෙන් ඉපදුණු ක‍්‍රියාවන් ය.
මෙහි එන සංඥාර්ථ පිළිබ`දව විමසීමේ දී චාර්ල්ස් සැන්ඩර්සන් විසින් ත‍්‍රිකෝණාකාර සම්බන්ධයක් ම`ගින් සංඥාර්ථ භාවිතය මතුකර දැක්වී ය. එනම්,
1. ප‍්‍රතිරූපය
2. දර්ශකය
3. සංකේතය
යන්නයි. මෙහි දී ප‍්‍රතිරූපය යනු කිසියම් වස්තුවකට සාම්‍යත්වයක් දක්වන්නකි. කිසියම් පුද්ගලයෙකුගේ ඡුායාරූපයක් ඒ පුද්ගලයා පිළිබ`ද ප‍්‍රතිරූපයක් ලෙස ඔහු විසින් දක්වා තිබේ. දර්ශකය යනු කිසියම් සංසිද්ධීන් දෙකක් අතර හේතු ඵල සම්බන්ධයක් දැක්වීමයි. සංකේතයකින් අදහස් කෙරෙන්නේ කිසියම් වස්තූන් දෙකක් අතර පවත්නා සම්මුතිපාත සම්බන්ධයයි.
කලිගියුලා චිත‍්‍රපටයේ සෑම භයානක සිදුවීමකට ම පෙර පක්ෂියෙක් පියාඹා ඒම සකේතයක් ලෙස දැක්වෙයි. තිබේරියස්ගේ මරණයට පෙර ද කලිගියුලාගේ සහෝදරියගේ මරණයට පෙර ද, කලිගියුලාගේ මරණයට පෙර ද මෙම පක්ෂියා පියාඹා එයි. කලිගියුලා මෙම පක්ෂියා දැකීමෙන් බියට පත් වෙයි. අවසන කලිගියුලා මරණයට පත් කිරීමට සුදානම් වී සිටින සෙබළාගේ ඇ`දුමෙහි ද එම පක්ෂියාගේ රුව පැළ`ද සිටී. එයින් සංකේතවත් කෙරෙනුයේ එම සෙබළා අතින් කලිගියුලා මරණයට පත්වන බවයි. මෙහි භාවිත වන සංගීතය ද පේ‍්‍රක්ෂක මනස ආමන්ත‍්‍රණය කරයි.
එමෙන් ම රෝම අධිරාජ්‍යයත්වය හා බලය මෙහි සංකේතවත් කර ඇත්තේ සීසර්ගේ අතේ තිබෙන මුද්දෙන් ය. මුද්ද ම`ගින් රාජ්‍යත්වය සංකේතවත් කෙරෙයි. මෙහි ලිංගික දර්ශන හෝ කාමුක අවස්ථාවන් වලට පෙර සෑම අවස්ථාවකදී ම සුදු පැහැති වෙස් මුහුණක් පෙන්වයි. එයින් රාගය, කාමය සංකේතවත් කෙරෙයි. එමෙන් ම කලිගියුලාගේ බිරි`ද දරු ප‍්‍රසූත‍්‍රිය සිදු කරන අවස්ථවේ දී ඇයට පළන්`දා ඇති වෙස් මුහුණ ඉතා වේදනාබර හැ`ගීමක් ජනිත කරවන වෙස් මුහුණකි.  මෙයින් සංකේතවත් කෙරෙන්නේ කලිගියුලා සහ ඔහුගේ පවුලේ තිබෙන ශෝචනීය තත්වයයි. එමෙන් ම සත්‍ය හැ`ගීම් වසන්කර බොරුවෙන් ජීවත්වීමට අධිරාජ්‍ය පාලනය තුළ යටත් වැසියන්ට සිදු වී ඇති බව ද මෙම`ගින් පිළිබිඹු කෙරෙයි.
මෙම චිත‍්‍රපටයේ එක් දර්ශනයක ස්ත‍්‍රී සහ පුරුෂ ලිංගයන්ගේ ආකෘති නිර්මාණය කර ඒවාට පුද පූජා පැවැත්වීම සිදු කරයි. එයින් සංකේතවත් කෙරෙන්නේ රෝමානුවන් ලිංගිකත්වය ආගමිකත්වයකින් අදහන බවකි. එහි දෙපස තිබෙන ගිනි බ`දුන් වල ඇති ගින්නේ සංකේතවත් කෙරෙන්නේ ඔවුන් කාම ගින්නෙන් දැවෙන බවයි. එමෙන් ම තිබේරියස් විසින් එක් අවස්ථාවක දී නාන තටාකයේ කාන්තාවන් සම`ග සිටිය දී කලිගියුලාට නර්තනයක් සිදුකරන ලෙසට අණ කරයි. එම න්ර්තනයෙන් ලිංගිකත්වය මෙන් ම අධිරාජ්‍ය පරම්පරාවේ බලය ද සංකේතවත් කෙරේ. තමාට රෝම අධිරාජ්‍යයේ බලය ලැබුණු පසු ද කලිගියුලා එම නර්තනය සිදු කරයි. මීට අමතරව කලිගියුලා උත්සව අවස්ථාවන් වල දී කාමුක නර්තන නරඹයි. එම කාන්තා නර්තන වලින් සංකේතවත් කෙරෙන්නේ ලිංගිකත්වයයි. තමාට අවශ්‍ය ලිංගික තෘප්තිය එම නැටුම් නැරඹීමෙන් ද කලිගියුලා ලබා ගනියි.
අවට තිබෙන සෑම වස්තුවක් ම පාහේ ලිංගිකත්වය උද්දීපනය කරන අයුරින් හා නිරූපණය කරන අයුරින් දක්නට ලැබේ. නිරුවත් කාන්තා හා පුරුෂ ප‍්‍රතිමා. ලිංගික කටයුතු ස`දහා යොදා ගැනෙන උපකරණ ආදිය පසුබිම් වස්තු ලෙස දක්වා තිබේ. ලිංගිකත්වයෙන් හා කාමුකත්වයෙන් තොර මිනිස් ජීවිතයක් නොමැති කරම් වන බව මෙහි ස්ත‍්‍රීන් හා පුරුෂයන්ගේ හැසිරීම් වලින් දක්වයි. එමෙන් ම ලිංගික තෘප්තිය සැබෑ ලෙස ම නොලැබෙන බව ද මෙහි දී පිළිබිඹු කෙරෙයි. කාන්තාවන් හා පුරුෂයන් තම ලිංගික කටයුතුවල නිරත වන්නේ කිසි`දු සකුටුදායක හෝ තෘප්තිකර හැ`ගීමකින් නොවේ. එය ඔවුන්ගේ මුහුණු වලින් දිස්වේ. ඔවුන් ලිංගික වහල් භාවයකට ලක් වී තිබෙයි.
කැලිගියුලා සහ ඔහුගේ බිරි`ද, දරුවා මරා දැමූ ස්ථානයෙහි තිබූ ඔවුන්ගේ රුධිරය කිරිගරු`ඩ පඩිපේලිය දිගෙහි පහළට ගලාගෙන එන පරිදි සොදා දමයි. එයින් කලිගියුලාගේ පාලනය අවසන් බවත් කෲර භාවය අවසන් බවත් සංකේතවත් කෙරෙයි.
චිත‍්‍රපටයේ මුලින් ම දැක් වූ පරිදි මිනිසෙකුට මු`එ ලෝකයම දිනා ගත්ත ද ඔහුට ලැබෙන යහපත කුමක් ද, එය නම් ඔහුට ඔහුගේ ආත්මය අහිමි වීමයි යන්න චිත‍්‍රපටයේ අවසානයේ දී සනාථ කරයි. එසේ ම ”මා නොමැති දවසක කලිගියුලා ඔබව මරා දමාවි. පසුව තවත් කෙනෙකු විසින් කිලිගියුලාව මරා දමාවි ” ලෙස තිබේරියස් පැවසූ වදන ද අවසන සනාථ කෙරෙයි. කලිගියුලා අධිරාජ්‍යයා හා ඔහුගේ බිරි`ද, දරුවා ඉතා දරුණු ලෙස ඝාතනයට ලක් වෙයි. පසුව සීසර් පදවිය හිමි වන්නේ සෙනෙට් සභාවේ සිටි උපදේශකවරයෙක් වූ ක්ලෝඩියස් නමැති කලිගියුලාගේ මාමා කෙනෙක්ට ය. ඔහු මෝඩ පුද්ගලයෙක් ලෙස චිත‍්‍රපටයේ හ`දුන්වා දෙයි. එවැනි අඥාන පුද්ගලයෙකුට ඔටුන්න පැළ`දවීමෙන් සංකේතවත් කෙරෙනුයේ රාජ්‍යභාවය හෑල්ලූවට ලක් කිරීමකි. ඔහුට ද අත්වන්නේ කලිගියුලාට අත් වූ ඉරණම ම වන බව අවසන පේ‍්‍රක්ෂකයාට පසක් කරවමින් චිත‍්‍රපටය නිමා කෙරේ.

No comments:

Post a Comment

#save #nature