Thursday, July 28, 2016

පිකාසෝගේ චිත්‍ර ත් සිහිගන්වන මුහුණුපොත කැළඹවූ..මොකක් ද මේ ප්‍රිස්මා??කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රිස්මා ඇසින්....

පිකාසෝගේ චිත්‍ර ත්  සිහිගන්වන මුහුණුපොත කැළඹවූ..මොකක් ද මේ ප්‍රිස්මා???

                        පැබ්ලෝ පිකාසෝ යුරෝපයේ ඝණිකවාදය නමැති චිත්‍ර ශෛලිය හදුන්වා දුන් පුරෝගාමියා වේ. මෙහි දී සිදුකෙරෙන්නේ ජ්‍යාමිතික හැඩතල උපයෝගී කරගෙන සිතුවම් ගොඩනැගීමයි. ත්‍රිකෝණය , වෘත්තය, චතුරස්‍රය වැනි ජ්‍යාමිතික හැඩ මේ සදහා යොදාගනී. මීට අමතරව ක්ලෝඩ් මොනේ, වින්සන්ට් වැන්ගෝ, වැසිලි කැන්දින්ස්කි වැනි චිත්‍ර ශිලපීන්ගේ ශෛලීන් ද මෙම මෘදුකාංගයේ භාවිත වේ.

                         මෑතක දී රුසියානු නිර්මාණකරුවන් කණ්ඩායමක් විසින් මෙම චිත්‍ර ශෛලීන්ට සමානව පුද්ගලයින්ට තම ඡායාරූප ද ඉතා පහසුවෙන් සිතුවමක්සේ නිර්මාණය කරගතහැකි ඇප්ලිකේෂන් එකක් හදුන්වාදෙන ලදි.මෙය ප්‍රිස්මා නමින් හදුන්වන ඡායාරූප සංස්කරණය කරගතහැකි මෘදුකාංගයකි.

               මින් පෙර දී Photoshop මෘදුකාංගයේ ද ගූගල් සමාගම විසින් හදුන්වා දුන් Google Deap Dream මෘදුකාංගයෙන් ද මෙවැනි ඡායාරූප සකස්කරගත හැකියාව තිබුණ ද දැන් ඉතාමත් පහසුවෙන් ම ප්‍රිස්මා මෘදුකාංගය භාවිතයෙන් ස්මාර්ට් ජංගම දුරකතනවලින්  එය  සිදුකරගත හැකි ය. ප්‍රිස්මා මෘදුකාංගයෙන් පුද්ගලයින් ලබාගන්නා ඡායාරූප තත්පර කිහිපයක දී ප්‍රිස්මා සර්වර් තුළට Upload වී සැණෙකින් ප්‍රිස්මා ඡායාරූපයක් බවට පත් වී නැවත ජංගම දුරකතනය වෙත පැමිණිම සිදු වේ.

                   මුලින් ම මෙය භාවිතා කිරීමට හැකිව තිබුණේ iSO මෙහෙයුම් පද්ධතියක් ඇති Apple   දුරකතන වලට පමණකි. නමුත් මේ වනවිට මෙම ප්‍රිස්මා මෘදුකාංගය Beta අනුවාදයක් නිකුත් කිරීම මගින් Android  දුරකතන වලට ද භාවිතා කිරීමට හැකි වී තිබේ. ප්‍රිස්මා මේ වනවිට රටවල් 40කටත් වැඩි ප්‍රමාණයක  වැඩියෙන් ම භාගතකළ මෘදුකාංගයයි. ලොව පුරා මිලියන 7.5ක් ප්‍රිස්මා මෘදුකාංගය බාගත කරගෙන සිටී.

කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රිස්මා ඇසින්....







.

                       
                                                ලොව වටා සිටින විශාල ග්‍රාහක පිරිසක් Facebook, Instergram වැනි සමාජ ජාලයන්හි ප්‍රිස්මා ඡායාරූප Upload කිරීම දක්නට ලැබේ. මෙලෙස ඉතාම කෙටිකාලසීමාවක් තුළ දී මෙම මෘදුකාංගය ලොව පුරා ජනප්‍රියවීම එහි ජයග්‍රහණයකි. ඉදිරියේ දී ප්‍රිස්මා භාවිතයෙන් වීඩියෝ දර්ශන සැකසීමේ පහසුකම ද ග්‍රාහකයින්ට ලබා දිමට නිර්මාණකරුවෝ බලාපොරොත්තු වෙති.


14 comments:

#save #nature